News

යාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් (Photos)

යාපනය, නල්ලූර්,වෛමන් මාර්ගයේ පිහිටි නිවසකට කිසියම් අද (29) අලුයම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට ඇති බව යාපනය පොලීසිය පවසයි.
යාපනය පොලිසිය පැවසුවේ තුසීලන් නැමත්තාගේ නිවසට එලෙස ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, ප්‍රහාරයන්ගෙන් නිවස ඉදිරිපිට නවතා තිබු ත්‍රී රෝද රථ දෙකක් ගිනි ගෙන විනාශ වී ඇති බවයි.

පොලිසිය පැවසුවේ ප්‍රහාරය සිදුකළ පිරිස සොයා පරීක්ෂණ මෙහෙයවන අතර, පෞද්ගලික ආරවුලක් මත ප්‍රහාරය එල්ල වි ඇති බවයි. ප්‍රහාරය එල්ල වූ අයට ත්‍රී රෝද රථ අලුත් වැඩියා කිරීමේ ස්ථානයක් පවතින බවත් පසුගිය දිනක අවස්ථා කිහිපයකදීම එහිදි තවත් පාර්ශවයක් විසින් ආරවුලක් ඇතිකරගෙන තිබෙන බවත් පොලිසිය අනාවරණය කොටගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.