යාපනය ගුවන්තොටුපොළ විවෘත කිරීම එළැඹෙන 17 වැනිදා
ඉදිවෙමින් පවතින යාපනය අන්තර්ජාතික ගුවන්තොටුපොළ එළැඹෙන 17 වැනිදා විවෘත කිරීමට නියමිත බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි.
රාඝවන් මහතා පැවසුවේ ඉදිවන යාපනය අන්තර්ජාතික ගුවන් තොටුපොළ නිරීක්ෂණ කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාද නිරීක්ෂණය කළ බවයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය අන්තර්ජාතික ගුවන් තොටුපොළ විවෘත කිරීමට නියමිතය.
ගුවන් තොටුපොළ විවෘත කිරීමෙන් අනතුරුව මුලිකව ඉන්දියාව සමඟ සෘජු ගුවන් සේවා පැවැත්වීමට නියමිත බව ආණ්ඩුකාරවරයා සදහන් කළේය.
වවුනියාව – මාධව කුලසූරිය
