නල්ලූර් තේර් පූජාවේ අවසන් මංගල්‍යයට අති විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙයි August 29, 2019 5:12 pm No Comments යාපනය නල්ලූර් කන්දසාමි කෝවිලේ වාර්ෂිකව පැවැත්වෙන තේර් පූජා උත්සවයේ අවසන් මංගල්‍යය අද (29) දිනයේ අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මෙම අවස්ථාවට අති විශාල හින්දු බැතිමතුන් පිරිසක් සහභාගි වූ බව ද අප වාර්තාකරු සදහන් කළේය. හෙට (30) දිය කැපීමේ උත්සවයෙන් පසුව වාර්ෂික මංගල්‍යයේ කටයුතු නිමා කිරීමට නියමිතය.