යාපනය නුවර ප්‍රධාන මාර්ගය වවුනියාව ප්‍රදේශයේදී මීදුමින් වැසෙයි (Photos)
පවතින අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් යාපනය නුවර ප්‍රධාන මාර්ගය වවුනියාව ප්‍රදේශයේදී අද(18) උදැසන දැඩි මීදුමකින් වැසී ගොස් තිබු බව රථවාහන රියදුරන් පවසති.
රියදුරන් පැවසූවේ වවුනියාව පුලියන්කුලම,වවුනියාව නගරය,ඉරට්ටපෙරියකුලම ආදී ප්‍රදේශයන්ගේ දැඩි මීදුම තත්වයක් තිබු බවයි. මීදුම හේතුවෙන් මාර්ගයේ ඉදිරිය නොපෙනන තත්වයක් පැවති අතර,මීදුම දිගු වේලාවක් පැවති බවද රියදුරන් පැවසූහ.
වවුනියාව රථවාහන පොලිසිය පැවසූවේ උදැසන යාපනය නුවර ප්‍රධාන මාර්ගයේ දැඩී මීදුම තත්වයක් පවතින බැවින් රිය ධාවනයේදී සැළකිලිමත්වන ලෙසයි.