News

යුක්තියේ ජනහඬ වි‍රෝධතාව මහනුවරට

එක්සත් ජාතික පෙරමුණ විසින් සංවිධාන කළ යුක්තියේ ජනහඩ වි‍රෝධතාව අද (24) මහනුවර නගරයේදි පැවැත් වුණා.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගි වුණා.

ඊට අමතරව එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් ද සහභාගි වී සිටියා.

මේ අතර අද පෙරවරුවේ රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා.

ප්‍රථමයෙන් මල්වතු මහ විහාරයට ගොස් මල්වතු පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබුණා.

ඉන් අනතුරුව අස්ගිරි මහ විහාරයට ගොස් අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදැක වික්‍රමසිංහ මහතා ආශිර්වාද ලබා ගත්තා.