News

යුක්තියේ ජන හඬ රැළිය කළුතරට

එක්සත් ජාතික පෙරමුණේ යුක්තියේ ජන හඬ රැළි මාලාවේ දෙවන රැළිය අද කළුතරදී පැවැත් වුණා.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එම එක්සත් ජාතික පෙරමුණේ නායකයින්ගේ සහභාගිත්වයෙන් මෙම රැළිය පැවැත් වුණේ.

එහිදී අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තමන් සමග වැඩ කිරීමට අකමැත්තක් තිබුණා නම් එය දැනුම්දීමට තිබූ බවයි.

යුක්තියේ ජන හඬ රැළි මාලාවේ රැස්වීමේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අදහස් දක්වමින් කියා සිටියේ ඉතාමත් ඉක්මනින් නැවත ජනතා බලයෙන් එක්සත් ජාතික පෙරමුණේ රජයක් පිහිටු වන බවයි.