News

යුද සමයේ සිදුවීම්වලට ත්‍රිවිධ හමුදාවේ 48ක් බන්ධනාගාරවල – හිටපු හමුදාපති දයා

යුද්ධය සමයේ සිදුවීම් යැයි සඳහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හා නාවික හමුදාවේ නිලධාරීන් හා සෙබළුන් හතළිස් අට දෙනකු මේ වන විට බන්ධනාගාරගතව සිටින බව හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක පවසයි.

යුදහමුදාවේ නිලධාරීන් අට දෙනෙක් හා සෙබළුන් 25 දෙනකු වශයෙන් 31 දෙනකු මෙසේ බන්ධනාගාරගතව ඇත. නාවික හමුදාවේ නිලධාරීන් හත් දෙනෙක් සහ සෙබළුන් 10 දෙනකු වශයෙන් 17 දෙනකු බන්ධනාගාරගතව තිබේ.

ඊට අමතරව පරීක්ෂණ සඳහා යැයි පවසමින් යුද හමුදාවේ නිලධාරීන් 67 දෙනකුගෙන් හා සෙසු නිලධාරී නිලයන් හයසිය තිස් හත්දෙනකුගෙන් (637) ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ. තවත් හමුදා නිලධාරීන් තුන්දෙනකු මරණ දඬුවමටද නියම වී සිටින බව රත්නායක මහතා සඳහන් කළේය.

චමින්ද සේනාරත්න