යුද හමුදා ඇඳුමට සමාන රෙදි තොගයක් සමඟ මහරගමින් පුද්ගලයෙකු අත්අඩංගුවට
ශ්‍රී ලංකා යුද හමුදාවට ලැබුණු තොරතුරක් මත ඊයේ (02) රාත්‍රියේ මහරගම ප්‍රදේශයේ නිවසක් රාත්‍රී 10.00 පමණ යුද හමුදාව සහ මහරගම පොලීසියේ නිලධාරීන් විසින් පරීක්ෂාවකට ලක් කර ඇත.
එහිදී අදාළ නිවසේ තිබි යුද හමුදා ඇඳුමට සමාන රෙදි තොගයක් හමුවී ඇති අතර එම රෙදි තොගය කිලෝග්‍රෑම්
09කට ආසන්නය.
නිවසෙහි හිමිකරුව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.