අම්පාර නින්දවූර් අට්ටපලම් ප්රදේශයේදී යුධ හමුදා කැබ් රථයක් අනතුරට ලක්වීමෙන් හමුදා සෙබළුන් දසදෙනෙකු තුවාල ලබා තිබේ.
එම සෙබළුන් මේ වන විට කල්මුනේ රෝහලේ ප්රතිකාර ලබන අතර, ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව අප වාර්තාකරු සදහන් කළේය.
වේගය පාලනය කර ගත නොහැකිවීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සදහන්.
