රජයේ ආයතනවල වංචා දූෂණ සොයන්න ජනපතිගෙන් කොමිසමක්
2015 ජනවාරි 14 වන දා සිට 2018 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ රජයේ ආයතන තුළ සිදුව ඇතැයි සැලකෙන වංචා දූෂණ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර තිබෙනවා.
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කොමිසන් සභාවට විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී විරවර්ධන, විශ්‍රාමික විගණකාධිපති පී.ඒ. පේමතිලක , විශ්‍රාමික අමාත්‍යාංශ්‍ය ලේකම් ලලිත් ආර් ද සිල්වා සහ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති විජය අමරසිංහ යන මහත්ම මහත්මින් ඇතුළත් වනවා.