රජයේ ව්‍යවස්ථාපිත ආයතන 10 ක් මහජන බදු මුදලින් යැපීම නතර කිරීමට පියවර
මහා භාණ්ඩාගාරයට මේ වන විට බරක්ව පවතින රජයේ ව්‍යවස්ථාපිත ආයතන 10 ක් ස්වාධීනව ක්‍රියාත්මක වීම සඳහා වන සාමූහික අභිලාශ ගිවිසුමකට අත්සන් කර ඇත.
ඒ අනුව රාජ්‍ය ඖෂධ සංස්ථාව, පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මිල්කෝ සමාගම, නාගරික සංවර්ධන අධිකාරිය, මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය රාජ්‍ය දැව සංස්ථාව,පතල් හා කැණීම් කාර්යාංශය, ලංකා සතොස ආයතනය රාජ්‍ය වැවිලි සමාගම සහ කුරුණෑගල වැවිලි සමාගම යන ආයතන තවත් වසර තුනකදී මහාභාණ්ඩාගාරයේ මහජන බදු මුදලින් යැපීම නතර කර ගැනීමට නියමිතව ඇත.
එම ආයතනවල කාර්ය සාධනය කාර්යක්ෂමතාවය හා ගුණාත්මකභාවය වැඩිකර ගැනීමට නියමිත අතර එම ආයතන ඊයේ (10) පස්වරුවේ අදාල සාමූහික ගිවිසුමට අත්සන් කර තඇති බව වාර්තා වෙයි.
