News

රට අගාධයට යනවා මම හිතනවා තුන්වැනි විනිසුරු වන ජනතාව ඉදිරියට යායුතුයි කියලා

මැතිවරණ සඳහා ඉදිරිපත්වීම තමන්ට මේ වන තුරු කිසිදු තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන් පවසනවා.

කොළඹදී ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ පක්ෂයක සාමාජිකත්වය ලබාගන්නා සෑම කෙනෙකුම මැතිවණය සදහා ඉදිරිපත් නොවන බවයි.

ටී.එම්. ඩිල්ෂාන් පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ද ලබාගත්තා.

රට තුළ මේ වන විට ඇති වී තිබෙන දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් ද ඩිල්ෂාන් අදහස් දක්වමින් කියා සිටියේ විධායකය, අධිකරණය, ව්‍යවස්ථාදායක අතර ගැටළුවක් සිදුවී ඇති බවයි.

මෙම ගැටළුව විසදා ගැනීමට නම් මැතිවරණයකට යායුතු බව තමන්ගේ මතය ලෙස ද ඔහු කියා සිටියා.

ක්‍රිකට් ක්‍රීඩාවේදී ද විනිසුරුවරුන් දෙදෙනෙකු සිටින අතර ඔවුන්ට තීරණයක් ගැනීමට නොහැකි වූ විට තුන්වැනි විනිසුරුට යොමු කරන අතර, මේ මොහොතේ තුන්වැනි විනිසුරු වන ජනතාව ඉදිරියට ගොස් ජනතා කැමත්ත ලබාගෙන රට ඉදිරියට ගෙන යා හැකි බවයි දිල්ශාන් වැඩිදුරටත් පවසා සිටියේ.