රට රැකියා සඳහා ගොස් විවිධ හිරිහැර වලට ලක්වූ පිරිසක් දිවයිනට
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටියදී හාම්පුතුන් අතින් විවිධ හිරිහැරයන්ට ලක්වූ යලි මෙරටට පැමිණීමට නොහැකිව සිටි ලංකිකයන් 249 දෙනෙකු අද (10) දින දිවයිනට පැමිණ තිබේ. පිරිස ශ්‍රී ලංකන් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපල පැමිණ ඇතිබව සඳහන් ය.
යලි මෙරටට පැමිණීමට නොහැකිව සිටින ලාංකිකයන් වෙනුවෙන් ලංකා රජය විසින් ක්‍රියාත්මක කර තිබෙන වැඩසටහන යටතේ එම පිරිස ගෙන්වාගෙන තිබෙනවා.
යූ.එල්.- 1510 දරන විශේෂ ගුවන් යානයෙන් අද අලුයම 5.25ට එම පිරිස පැමිණ ඇති අතර බහුතරය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගෘහ සේවයට ගිය කාන්තාවන් ය.