රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අද පස්වරුවේ වැසි – කාලගුණය
උතුරු සහ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල සිහින් වැසි ඇති විය හැකි අතර රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.
කෙසේ වෙතත් උතුරු සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශවල සිහින් වැසි ඇති විය හැකියි.
ගාල්ල සිට මාතර දක්වා වනවෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.
දිවයින වටා වනමුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 20-30 පමණ වනවා.
මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සහ මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වාවෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කී.මී. 40 පමණ දක්වා වැඩි විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.