රන්ජන් නම් හෙළිකිරීම ප්‍රමාද කිරීමෙන් රටක් වශයෙන් අවාසි සිදුවිය හැක – නලින් බණ්ඩාර
කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන මැති ඇමතිවරුන්ගේ නාමලේඛනය හෙළිදරව් කර දැනට මතුව ඇති අර්බුදය අවසන් කිරීමට සහාය දෙන ලෙස රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගෙන් ඉල්ලා සිටින බව සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත් යනලීන් බණ්ඩාර මහතා අද(25දා) ප්‍රකාශ කළේය.
ආණ්ඩුවට වැඩ කිරීමට තිබෙන බවත් රන්ජන් රාමනායක මහතාගේ ප්‍රකාශවලට පිළිතුරු ලබාදීමට ගියහොත් එම වැඩකටයුතුවලට බාධා සිදුවන බවත් නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කර සිටි අතර තමා සම්බන්ධව සමාජ මාධ්‍යවල පැතිර යන වාර්තාවල සත්‍යතාවක් නොමැති බවත්ස සිය බිරිඳ ඇතුළු විවිධ පාර්ශ්ව තමාගෙන් ඒ සම්බන්ධ විමසීම් කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ නලීන් බණ්ඩාර මහතා සඳහන් වැඩිදුරටත් කියා සිටියේ රන්ජන් රාමනායක මහතා නම් හෙළිකිරීම ප්‍රමාද කිරීමෙන් රටක් වශයෙන් අවාසි සිදුවිය හැකි බවය.