රනිල් අගමැති කිරීමට එජාප නායකයින් 08දෙනෙකුගෙන් අත්සන් සහිත යෝජනාවක්
එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කිරීමට පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය ඇති බවට වූ යෝජනාවක් එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එක්සත් ජාතික පෙරමුණ නායකයන් 08 දෙනෙකුගේ අත්සනින් යුතුව පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදී ඇත.
එම යෝජනාව දින නියමයක් නොමැති යෝජනාවක් ලෙස පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත්කර ඇති අතර එම යෝජනාව ලබන 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ විවාදයට ලක්කර ඡන්ද විමසීමටද නියමිත බවට වාර්තා වේ.
එක්සත් ජාතික පෙරමුණේ නායකයන් වන සජිත් ප්‍රේමදාස, රවි කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, ලක්ෂ්මන් කිරිඇල්ල, රාජිත සේනාරත්න, පලනි දිගම්බරම්, මංගල සමරවීර, රිෂාඩ් බදියුදීන් යන මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව මෙම යෝජනාව බාරදී තිබේ.