News

රනිල් කිසිදාක එජාපයේ පසු පෙළට ඉඩ දුන්නේ නැහැ ජනපති හෙළිකරයි

පක්ෂය තුළ නැති ප්‍රජාතන්ත්‍රවාදයක් රට තුළ ඇති කිරීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාවක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂයේ නායකයාව සිටින රනිල් වික්‍රමසිංහ මහතා එහි පසු පෙළ කිසිවෙකුට හිස එසවීමට ඉඩ නොදෙන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

රටේ නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඉහළින් කථාකරන වික්‍රමසිංහ මහතා පළමුව තම පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී කරගතයුතු බව ද ජනාධිපතිවරටා අවධාරණය කරයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ, අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී වන අතර මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ පවතින දේශපාලන නොසන්සුන්තාවය ගැටලුවක් කර නොගෙන මහජන සේවාවන් සහ සංවර්ධන වැඩපිළිවෙළ සක්‍රීයව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නිලධාරින් කැපවිය යුතු බවයි.