රම්බෝ ඉවත්කිරීමට පරිසර වේදීන්ගේ විරෝධය
රම්බෝ යන නමින් ප්‍රසිද්ධ උඩවලව ජාතික වනෝද්‍යානයේ සැරිසරන වන අලියකු වෙනත් ස්ථානයකට රැගෙන යාමට වනජීවී නිලධාරීන් තීරණය කර ඇත. කෙසේ වෙතත් එම තීරණයට විරෝධය පළකරන බව පරිසර වේදීන් සඳහන් කර තිබේ.
උඩවලව ජලාශයේ බැම්ම අසලින් යන ඕනෑම කෙනෙකුගේ ආදරය දිනාගැනීමට මේ දැවැන්තයා සමත්ව තිබෙන්නේ විදුලි වැට ආසන්නයට පැමිණ ආහාර ලබාගැනීමට පුරුදුව සිටින නිසාය.
කෙසේ නමුත් අද (31) දිනයේ හොරොව්පතාන අලි සංරක්ෂණාගාරයට රැගෙන යාමට නියමිතව තිබුණි.
වයස අවුරුදු 50ක් පමණ වයසැති මෙම සත්වයා මේ වන තෙක් කිසිඳු ජිවිත හෝ දේපල හානි කිසිවක් සිදුකර නැතත් සුපුරුදු වාසස්ථානයට සමුදීමට සිදුව ඇත.
මේ වන විට වන අලියා අල්ලා ගැනීමට කණ්ඩායමක් පිටත් කර තිබෙන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහහන් කර තිබේ.
කෙසේ නමුත් පරිසර වේදීන් පෙන්වා දෙන්නේ හෙරෝව්පතාන අලි සංරක්ෂණාගාරයට රැගෙනයාම අනතුරුදායක බවය.