News

රාජ්‍ය ගාස්තු 15%කින් ඉහළ යයි

වසර තුනක සිට වැඩි කර නොමැති රාජ්‍ය ගාස්තු හා අයකිරීම් 15%කින් වැඩි කිරීමට අයැවය මගින් යෝජනා කර තිබේ.

මෙහිදී රාජ්‍ය අංශයේ සේවා සඳහා අධිකරණ ගාස්තු වැඩි වශයෙන් ඉහළ යනු ඇත.
ඒ අනුව මෙහිදී උපකරණ ලියාපදිංචිය, ලියාපදිංචි කිරීමේ ගාස්තු, ආරක්ෂක ගාස්තු, ධීවර ක්ෂේත්‍රයේ ලියාපදිංචි ගාස්තු, සේවා සඳහා අයකරනු ලබන ගාස්තු හා බලපත්‍ර ගාස්තු වැඩි වනු ඇත.

මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති අංශයෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශිකාවක් පැවසුවේ 2016 සිට වැඩි නොකළ රාජ්‍ය ගාස්තු මෙසේ වැඩි කරනු ඇති බවයි. එහිදී වැඩි වශයෙන් සේවා ගාස්තු වැඩි වන බව ඇය පැවසුවාය.

චමින්ද සේනාරත්න