News

රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් 14 දෙනෙකුගේ තනතුරුවලට පාර්ලිමේන්තු කාරක සභා අනුමැතිය

විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල ප්‍රධානීන් ලෙස පත් කිරීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නම් කරන ලද වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් 14 දෙනෙකුගේ පත්වීම් උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අනුමත කර ඇත.

ඒ අනුව, කේ.ඩී. සෙනෙවිරත්න, නිව්යෝක් නුවර එක්සත් ජාතීන් සඳහා වූ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය ලෙසද, ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ලෙස රොඩ්නි එම්.පෙරේරා ද පත් කර ඇති අතර එම පත්වීම් සමඟ විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල ප්‍රධානී තනතුර දරන වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින්ගේ ප්‍රතිශතය සියයට 36යි දශම 5 යි 7 සිට එම සියයට 46 දක්වා වැඩිවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.