රාජිත – චතුර අපරාධ කෝට්ඨාසයට
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ හිටපු මන්ත්‍රී චතුර සේනාරත්න යන මහත්වරු ප්‍රකාශක් ලබා දීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ තිබේ.
පසුගියදා පැහැර ගැනීමට ලක්වූ බව පැවසෙන මාධ්‍යවේදී සුජීව ගමගේ මහතා චතුර සේනාරත්න මහතාගේ කාර්යාලයට පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා හමුවීම සම්බන්ධයෙන් කරුණු වීමසීම සඳහා ඔවුන් දෙදෙනාට කොළඹ අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබිණි.
තමා සතුව පැවති චිප් පතක් ලබාගැනීමේ අරමුණින් කිසියම් පිරිසක් පැමිණ පසුගිය 10 වනදා තමන් පැහැරගෙන පිළිස්සුම් තුවාල සිදුකළ බවට පුවත්පත් මාධ්‍යවේදියෙකු බව පැවසෙන 62 හැවිරිදි සුජීව ගමගේ මහතා විසින් පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.
එම පැමිණිල්ල අසත්‍ය පැමිණිල්ලක් බව විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පසුගිය දා අනාවරණය කළේය.
ඒ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශන සිදුකළ අතර, එහිදී අනාවරණය වී ඇත්තේ එම මාධ්‍යවේදියා විසින්ම ඔහුගේ නිවසේදී මේසන් හැන්දකින් ඔහුගේ දෙඅත් පුළුස්සාගෙන ඇති බවයි.
පැහැරගත් බව කී මෙම මාධ්‍යවේදියා මීගමුවේ සිට දෙමටගොඩ දුම්රිය ස්ථානයට පැමිණ ඇති බවත්, ඉන් අනතුරුව ඔහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගේ තිඹිරිගස්යායේ පිහිටි කාර්යාලය වෙත ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
එම කාර්යාලයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඔහුව හමුවූ බවත් අදාළ පුද්ගලයා පසුව පොලීසියට පවසා ඇත.
ඉන් අනතුරුව එම මාධ්‍යවේදියා රෝහල් ගත ව තිබේ.
ඒ අනුව අසත්‍ය පැමිණිල්ලක් සිදුකිරීම සම්බන්ධව එම පුද්ගලයාව මේ වනවිට අත්අඩංගුවටගෙන තිබේ.