News

රාත්‍රී සමාජශාලා ආශ්‍රිත ප්‍රදේශවල අද සිට අඛණ්ඩ රථ වාහන සෝදිසි මෙහෙයුම්

කොළඹ නගරයේ රාත්‍රී සමාජශාලා ආශ්‍රිත ප්‍රදේශවල අද සිට අඛණ්ඩ රථ වාහන සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලීසිය සඳහන් කරයි.

රාත්‍රි සමාජශාලා ආශ්‍රිත ප්‍රදේශවල ඩිෆෙන්ඩර් සංස්කෘතියත් සමඟ මතුව ඇති බීමතින් රිය පැදවීමේ කලාවට තිත තැබීමක් ලෙස පොලිසිය මෙම පියවර ගෙන ඇති බව සඳහන් වන අතර බීමතින් රිය පදවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ද සිදුකරන මෙහෙයුම් වැඩි කිරීමට ද පොලීසිය පියවර ගෙන ඇති බව සඳහන් කරයි.

පසුගිය වසරේදී බීමත් රියදුරන් එක්ලක්ෂ 5094ක් අත්අඩංගුවට ගෙන ඇත.