News

රැකියාවලට ගොස් හිරිහැර වලට ලක් වූ පිරිසක් දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් , එහිදී තම හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් වී, යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව, එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 266 දෙනෙකු අද(03) අලුයම දිවයිනට පැමිණ ඇත.

රජය විසින් කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගන්නා වැඩසටහන යටතේ මෙම පිරිස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙන විත් තිබුණි .

ඉන් වැඩි පිරිසක් ශ්‍රී ලාංකික කාන්තාවන් වන අතර, ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගෘහ සේවය සදහා ගොස් සිටි කාන්තාවන් විය.

පැමිණි ගුවන් මගීන් පිරිස නිරෝධායනය සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් , රජයේ නීරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් තිබේ.