News

රියදුරන්ගෙන් ලීසිං ණය සම්බන්ධයෙන් රීට් පෙත්සමක්

වාහන මිලදී ගැනීම සඳහා මුල්‍ය ආයතන වලින් ලබාගත් කල් බදු ලිසිං ණය මුදල් ගෙවීමට ලබා දී ඇති ණය සහන කාල සීමාව තවත් වසරකින් දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවට නියෝග කරන ලෙස ඉල්ලා සංචාරක රියදුරන් එකමුතුව අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.

ණය මුදල් වලට වැල් පොලී එකතු කිරීම සහ ණය නොගෙවූ වාහන රැගෙන ගොස් වෙන්දේසියේ දැමීම මෙන්ම බිය වැද්දවීම සම්බන්ධයෙන් ඒවා වලකමින්’ මූල්‍ය ආයතන වළකන නියෝගයක් කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ට නියමකරන ලෙස පෙත්සම මගින් ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකා සංචාරක රියදුරු එකමුතු වේ සභාපති මනෝජ් ලංකා විතානගේ, එහි ලේකම් සමන්ත සූරිය ආරච්චි, සහ එම එකමුතුව පෙත්සම් කරුවන් වනවා.

එසේම ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහචාර්ය ඩබ්ලිව් .ඩී .ලක්ෂ්මන්, එහි මූල්‍ය මණ්ඩලය, මූල්‍ය මණ්ඩල සාමාජිකයන් මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී .ජයසුන්දර වගඋත්තර කරුවන් වශයන් නම්කර ඇත.