රියැදුරු බලපත් වලංගු කාලය දීර්ඝ කෙරේ
මේ මස 01 වැනිදා සිට කල් ඉකුත් වන රියැදුරු බලපත්රවල වලංගු කාලය සැප්තැම්බර් 30 වැනිදා තෙක් දීර්ඝ කළ බව මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් අරුණට ඊයේ (01 වැනිදා) පැවසීය.
කොවිඩ් වසංගත තත්ත්වය තවදුරටත් පැවතීම හා කාර්යාලවල කටයුතු සීමා කර තිබීම පදනම් කරගනිමින් මෙම පියවර ගෙන ඇතැයි ද මීට අදාළ ගැසට් නිවේදනයට ප්රවාහන ඇමැතිවරයා අත්සන් තබා ඇතැයිද හෙතෙම කීවේය. වසංගත තත්ත්වය නිසා අවස්ථා කිහිපයකදීම රියැදුරු බලපත්ර වලංගු කාලය දීර්ඝ කළ බවත් මෙය බොහෝ විට අවසන් අවස්ථාව වනු ඇති බවත් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
එෆ්. අස්ලම්