රිය අනතුරකින් පොලිස් නිලධාරියෙක් ඇතුළු දෙදෙනෙක් මරුට
අද (23) අලුයම රාජගිරිය ප්‍රදේශයේදී වෑන් රථයකින් යට කර යාමෙන් උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු දෙදෙනෙකු මියගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ රාජගිරිය ආයුර්වේද වටරවුම සහ ගුවන් පාළම ආසන්නයේ පොලිස් මාර්ග බාධකයක සිටි නිලධාරීන් පිරිසක් අධික වේගයෙන් පැමිණි වෑන් රථයක ගැටී ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ වාහන පරීක්ෂාවේ නියුතු 52 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ කුඩා ලොරි රථයක සහායකවරයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
වෑන් රථයේ රියැදුරාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු තලවතුගොඩ පදිංචිකරුවෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.