News

රුපියල් ලක්ෂ 50කට අධික වටිනාකමකින් යුත් ගංජා හේනක් වටලයි – පුද්ගලයෙකු අත්අඩංගුවට

වැල්ලවාය, ඌව, කුඩාඔය පොලීසිය විසින් ඇතිලිවැව ප්‍රදේශයේ සිදු කළ විශේෂ වැටලීමකදී අක්කර කාලක පමණ භූමි ප්‍රදේශයක වගා කර තිබූ ගංජා හේනක් වටලා සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම ගංජා හේන දෙබරආර වැව ආසන්නයේ කදු රක්ෂිතයේ වගා කර තිබී ඇති අතර උස අඩි දහයකට ආසන්න උසකින් යුතු ගංජා පැල පන්දහසකට වඩා තිබී ඇත. එම ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 50 ඉක්මවන බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු ඇතිලිවැව ඩී එස් ගම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකු වන අතර සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.