News

රුවන්පුර අධිවේගයේ පළමු කොටස ඉදි කිරීම දේශීය සමාගමකට

රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු කොටස වන කහතුඩුව සිට ඉංගිරිය දක්වා වූ 24.3 km කොටස ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව දේශීය සමාගමකට පිරිනැමූ බව මහාමාර්ග අමාත්‍යවරයා පවසයි.

රුවන්පුර අධිවේගී මාර්ගය කහතුඩුවේ සිට පැල්මඩුල්ල දක්වා කි.මී. 73.9ක් ඉදිකිරීම සඳහා කැබිනට් පත්‍රිකාව මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යවරයා විසින් පසුගිය දා ඉදිරිපත් කළ අතර ඒ සඳහා අනුමැතිය හිමි විය.

මෙහි පළමු අදියර ලෙස කහතුඩුව සිට ඉංගිරිය දක්වා කි.මි 24.3ක කොටස පැකේජ හතරකට බෙදා ඉදිකිරීමට නියමිතය.

එම මාර්ගය ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්කරුවන් 12 දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කර තිබූ අතර අදාළ සමාගම වෙත කොන්ත්‍රාතුව පිරිනැමීම අද (22) බත්තරමුල්ල මහාමාර්ග අමාත්‍යාංශය ශ්‍රවණාගාරයේ දී සිදුවිය.