රු. ලක්ෂ 27ක දුම්වැටි සමග කටුනායකදී කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට
ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට දුම්වැටි තොගයක් ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු 19 අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසුවේ මින් පළමු ගුවන් මගියා හලාවත , මදුරන්කුළිය ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක වන අතර , දෙවැනි ගුවන් මගියා 32 හැවිරිදි කුළියාපිටිය , නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක් බවයි.
මොවුන් දෙදෙනා අද (19) උදෑසන 6.30 ට ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ FZ- 547 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , එහි කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති මගීන් සදහා වන ” හරිත මාවත ” මං තීරුව ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.
ඔවුන් විසින් රැගෙන විත් තිබූ සිය ගමන් මලු තුළ රුපියල් 27,30,000 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි 54,720 ක් අඩංගු , දුම්වැටි කාටූන් 273 ක් සගවා ගෙන සිටි බවයි රේගුව ප්‍රකාශ කරන්නේ.
ඔවුන් එළඹෙන උත්සව සමයේදී අලෙවි කිරීම සදහා මෙම දුම්වැටි මේ ආකාරයට මෙරටට ගෙනැවිත් ඇති බව රේගු නිලධාරීන් සිදු කළ මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා.