News

රු. ලක්ෂ 34කට අධික වටිනා දුම්වැටි තොගයක් සමග චීන ජාතිකයින් 3ක් කටුනායකදී අත්අඩංගුවට

චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් හොංකොං සිට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ චීන ජාතික ගුවන් මගීන් තිදෙනකු කටුනායක ගුවන් තොටුපොළේ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසුවේ ඔවුන් (06) මධ්‍යම රාත්‍රී 11.55 ට හොංකොං සිට කැතේ ෆැසිපික් ගුවන් සේවයේ සී.එක්ස්.- 611 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , එහි කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් බවයි.

මෙම චීන ජාතිකයන් විසින් රැගෙන විත් තිබූ ගමන් මලු තුළ රුපියල් තිස් හතර ලක්ෂ අනූ අට දහසක් (34,98,000) ක් වටිනා චීනයේ නිෂ්පාදිත දුම්වැටි 63,600 ක් අඩංගු , දුම්වැටි කාටූන් 318 ක් සගවා ගෙන තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.

මෙලෙස අත්අඩංගුවට චීන ජාතිකයින් අතර චීන ජාතික කාන්තාවක් ද වනවා.