රු. 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 124ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 124ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අක්කරෙයිපත්තුව ඔලුවිල් ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ යුද හමුදා බුද්ධි අංශය ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදි මෙම සැකකරුවන් සන්තකයේ තිබූ මෝටර් රථයක් ද පොලිස් භාරයට ගත් බවයි.
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් 39 සහ 58 වියෙහි පසුවන ඔලුවිල් සහ අඩ්ඩාලච්චේන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
වැඩිදුර විමර්ශන සදහා සැකකරුවන් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කරයි.