News

රූපලාවන්‍යාගාරයකින් ලක්ෂ 20 කට ආසන්න මුදලක් වංචා කළ සේවිකාවන් දෙදෙනකු අත්අඩංගුවට

ගාල්ල නගරයේ ප්‍රසිද්ධ රූපලාවන්‍යාගාරයකින් රුපියල් ලක්ෂ 20 කට ආසන්න මුදලක් වංචා කිරිම සම්බන්ධයෙන් එම රූපලාන්‍යාගාරයේ සේවිකාවන් දෙදෙනකු ගාල්ල මුලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ඇත.

ගාල්ල නගරයේ රුපලාවන්‍යාගාරයක සැකකාරියන් දෙදෙනා ඇතුළු සේවිකාවන් තිදෙනෙකු සේවය කරනු ලබන අතර ඇණවුම් බාර ගැනීම ගනුදෙනුකරුවන්ගෙන් එදිනෙදා මුදල් බාර ගෙන ඒවා බැංකු ගත කිරිම ආදී කටයුතු ඔවුනට පැවරි තිබී ඇත.

ආයතනයේ ගිණුම් ලිපිකරු ගිණුම් පවත්වාගෙන යන ලේඛන පරික්ෂා කිරිමේදී 2017 මැයි 7 වැනි දා සිට 2018 ඔක්තෝබර් 4 දක්වා කාලය තුළ රුපියල් 1,975,000ක මුදලක් අඩුවී ඇති බව අයිතිකාරියට දන්වා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල මුලස්ථාන පොලිසිය පරික්ෂණ පවත්වයි.

ගාල්ල – සුනෙත් ගාල්ලගේ