News

ලංකාවේ සතුටට ලෝකයේ හිමි තැන

මෙවර ලෝක සතුටු දර්ශකයේ 129 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව ඇත.

රටවල් 149ක පුද්ගලයින් සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් සෑම වසරකම මෙම පරීක්ෂණය සිදු කරනු ලබයි.

එම සමීක්ෂණයට අනුව 2021 වසරේ ලොව සතුටුදායකම පුද්ගලයින් වෙසෙන රට බවට අඛණ්ඩව සිවුවන වරටත් පත්ව ඇත්තේ ෆින්ලන්තයයි.

සතුටු දර්ශකයේ පළමු ස්ථාන 10න් නවයක්ම යුරෝපා රටවල් වන අතර අයිස්ලන්තය, ඩෙන්මාර්කය, ස්විට්සලන්තය සහ නෙදර්ලන්තය ඇතුළු රටවල් ඒ අතරට අයත් වේ.

මෙම දර්ශකයේ අවසන් ස්ථානයට ඇෆ්ගනිස්ථානය පත්ව ඇත.

එම දර්ශකයේ 139 වන ස්ථානය ඉන්දියාවටත්, 84 වන ස්ථානය චීනයටත් ලැබී ඇත.