ලංකික දමිළ පිරිසක් හා බ්‍රිතාන්‍ය පොලීසිය අතර ගැටුමක්
ලන්ඩන් හි දකුණු හැරෝ ප්‍රදේශයේ LTTE සංවිධානයේ ධජ රැගත් පිරිසක් විරෝධතාවක් පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ශ්‍රී ලංකික දමිළ පිරිසක් ලන්ඩන් හි දකුණු හැරෝ ප්‍රදේශයේ කෙන්ටන් මාර්ගයේ ඊයේ(14) දිනයේ දී මෙම විරෝධතාව පවත්වා ඇත.
පොලිසිය විසින් පිරිස විසිරුවා හැරීමට උත්සහ කිරීමේ දී එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබෙන අතර සමහර විරෝධතාකරුවන් පොලිස් නිලධාරීන් සමග ගැටී ඇටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම අවස්ථාවේදී එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔහුව නිදහස් කර තිබේ