ලංගමයට සුඛෝපභෝගී බස් රථ 37ක් මිලට ගැනීමට කැබිනට් අනුමැතිය
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට සුඛෝපභෝගී බස් රථ 37ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුව මෙම කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර උඩරට දුම්රිය මාර්ගයේ සේවා අවශ්‍යතා සඳහා අඩි 50 ප්‍රමාණයේ මගී මැදිරි 75ක් හා බහාලුම් ගැල් 20ක් මිලදී ගැනීමට ද කැබිනට් අනුමැතිය හිමි වී ඇත.