News

ලක්ෂ 1250ක ඇපකරයකට ගත් දියර පොහොර ලීටර් තුන්ලක්ෂයක් ගබඩාවල පල්වෙයි

රුපියල් ලක්ෂ 1250ක බැංකු ඇපකරයක් මත සීමාසහිත ලංකා පොහොර සමාගම පෞද්ගලික සමාගමකින් ලබාගෙන ඇති කාබනික දියර පොහොර ලීටර් ලක්ෂ තුනකින් අලෙවි කර ඇත්තේ ලීටර් 17200ක ප්‍රමාණයකි.

මේ හේතුවෙන් දියර පොහොර ලීටර් දෙලක්ෂ අසූදෙදහස් අටසීයක (2,82,800) ප්‍රමාණ්‍යක් ඉතිරි වී ඇත. රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ විධිවිධාන අනුගමනය නොකර අදාළ සමාගම සමග වසර තුනක ගිවිසුමකට අනුව ලංකා පොහොර සමාගම මෙම දියර පොහොර ලබාගෙන ඇත.

ලංකා පොහොර සමාගම එම පෞද්ගලික සමාගාමට ලබාදුන් බැංකු ඇපකරය උපයෝගි කරගෙන රුපියල් ලක්ෂ 1250ක බැංකු අයිරාවක් ලබා ගැනීමටද අදාළ පෞද්ගලික සමාගම කටයුතු කර තිබේ.