ලතීෆ් හා ඉලංගකෝන් අද විශේෂ කාරක සභාව හමුවට
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (25) දිනයේ රැස්විමට නියමිතව ඇත.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී විශේෂ කාරක සභාව අද පෙරවරු 10.00ට රැස්වන බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළ අතර අද දිනයේ පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් මහතා කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට නියමිතව ඇත.
එමෙන්ම හිටපු පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා සහ හිටපු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න මහතාද අද දිනයේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටිමට නියමිතව ඇත.
