News

ලබන සතියේ පොලිස් පුටු සීයක් ගැලවේ

නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් හා පොලිස් ස්ථානාධිපතිවරුන් සියයකට ආසන්න පිරිසකට ලබන සතියේදී ස්ථාන මාරුවීම් ලැබීමට නියමිත බව නීතිය හා සාමය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරුන් හා පොලිස් අධිකාරීවරුන් විස්සකට ආසන්න පිරිසකට හා පොලිස් ස්ථානාධිපතිවරුන් අසූවකට ආසන්න පිරිසකට මෙසේ ස්ථාන මාරුවීම් ලැබීමට නියමිතය.

මීට පෙර මේ මස 04 දින පොලිස් ස්ථානාධිපතිවරුන් රැසකට ස්ථාන මාරුවීම් ලබාදී ඒවා පැය 48ක් ඇතුළත අවලංගු කළ අතර එම ස්ථාන මාරුවීම් ලැබූ පිරිසද මීට ඇතුළත් බව වාර්තා වේ.