ලයිට් නැති ගෙවල් එක්ලක්ෂ තිස්හත්දාහක් ලංකාවේ
මෙරට විදුලිය නොමැති නිවාස එක් ලක්ෂ තිස්හත්දහස් දෙසිය විසි පහක් පවතින බවට හඳුනාගෙන ඇතැයි විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම පැවසීය.
ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (25 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදීය.
එලෙස විදුලිය නැති නිවාස අතරින් සමෘද්ධි ප්‍රතිලාභී පවුල් පනස්දහස් තුන්සිය තිස්හතරක් වන බවත් සමෘද්ධි ප්‍රතිලාභීන් බවට සුදුසුකම් ලබා, එහෙත් වෙනත් අඩුපාඩුකම් හේතුවෙන් එම ව්‍යාපාරයට එකතු වීමට නොහැකිව පොරොත්තු ලේඛනගත වූ පවුල් විසිහය දහස් හාරසිය අසූ තුනක් තිබෙන බවත් හෙතෙම කීවේය.
ඊට අමතරව සමෘද්ධි ව්‍යාපාරයෙහි නොමැති තවත් පවුල් විසිතුන්දහස් හතළිස් පහකට විදුලිය නැත.
එමෙන්ම එක් විදුලි කණුවක් හෝ නොදමා විදුලිය ලබා දිය හැකි නිවාස තිස්හත්දහස් තුන්සිය හැට තුනක් සිටින බවට හඳුනාගෙන ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය.
මෙම නිවාස සඳහා එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට ප්‍රථම විදුලිය ලබාදීමට කටයුතු කරන බව කී ඇමැතිවරයා ඉතිරි සෑම නිවාසයක් සඳහාම මෙම වසර (2021) ඇතුළත විදුලිය ලබා දීමට පියවර ගන්නා බවද පැවසීය.
චාමර පල්ලේගෙදර