ලේ බැංකුව ලේ ඉල්ලයි
රුධිර සංචිත අවප්‍රමාණය වීම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කිරීම සඳහා එක්වන ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක්කර තිබේ.
සෑම වසරකම අප්‍රේල් මාසය වනවිට රුධිර සංචිතවල අඩුවක් පෙන්නුම් කළ ද කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් රුධිරය පරිත්‍යාග කිරීමට ජනතාව ඉදිරිපත් නොවීම තුළ ගැටලුකාරී තත්වයක් උද්ගත වී ඇති බව එම මධ්‍යස්ථානයේ අධ්යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පවසයි.
රුධිර ඒකක 12,000ක ආරක්ෂිත රුධිර සංචිත ප්‍රමාණයක් පහුගිය කාලයේ පවත්වාගෙන ගොස් ඇති අතර මේ වන විට එය 8,000කට ආසන්න මට්ටමකට පත්ව ඇති බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්යක්ෂවරයා සඳහන් කරයි.
කොවිඩ් වසංගතයත් සමඟ තත්වය දරුණු වී තිබෙන අතර රුධිරය ඒකරාශී කරගැනීමේදී ඉතාම ආරක්ෂාකාරී පරිසරයක් තුළ එම කටයුතු සිදු කරන බැවින් රුධිරය පරිත්‍යාග කරන්න බියවිය යුතු නොමැති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි