ලොරියක් පාලනය කර ගැනීමට නොහැකිව 14ක් රෝහලේ – අයෙක් මරුට
කහටගස්දිගිලිය පුත්තලම ත්‍රිකුණාමලය මාර්ගයේ රන්පත්විල යොවුන් ගම්මානය පුල්ලෙයාර් කෝවිල ඉදිරිපිට දී ලොරි රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් 14දෙනෙකුට තුවාල සිදුව තිබෙනවා.
පොලීසිය පැවසුවේ ලොරි රථයේ රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව රථය පෙරලී මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුර සිදුවන අවස්ථාවේ ලොරිය රථය තුළ 15දෙනෙකු ගමන් කර ඇති අතර, ඉන් බරපතල තුවාල ලැබූ වයස අවුරුදු 29ක් වූ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
තුවාල ලැබූවන් කහටගස්දිගිලිය සහ අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබනවා.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.