ලොරි රථයක ගැටී යතුරුපැදිකරු මරුට
හුංගම රත්න ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේදී හුංගම දෙසට ධාවනය වූ ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් යතුරුපැදිකරු තුවාල ලබා රත්න රෝහලට ඇතුලත් කර ඇත.
තුවාලකරු එම රෝහලෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහලට ඉදිරිපත්කිරිමෙන් අනතුරුව මරණයට පත්ව ඇත. මරණයට පත් වුයේ වයස අවුරුදු 59ක් වූකහදමෝදර රත්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මෘත ශරීරය තංගල්ල රෝහලේ මෘතශරිරගාරයේ තැන්පත් කර ඇත.
අනතුර සම්බන්ධයෙන් ලොරි රටහ්යේ රියදුරු අත්අඩංගුවට ගෙන හුංගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.