News

වතු නිවාස පෙළක ගිනි ගැනීමක්

රාගල පොලිස් වසමට අයත් රාගල වතු යායේ දෙවන කොටසේ වතු නිවාස පෙළක අද (12) අලුයම් කාලයේ ගින්නක් හටගෙන තිබේ. ගින්න නිසා වතු නිවාස පේළියට අයත් නිවාස 14ක් විනාශ වී තිබෙන බව නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකක සඳහන් කර ඇත.

එක් නිවසකින් හටගත් ගින්න අනෙකුත් නිවාස වලට පැතිරගොස් තිබේ.

ගින්න නිවාදැමීම රාගල පොලිසියේ නිලධාරින්,නුවරඑළිය තුන්වන සිංහ රෙජිමෙන්තුවේ භට පිරිස් සහ වතු යායේ වතු කම්කරුවන් විසින් සිදුකර ඇත.

ගිනි ගැනීම නිසා පවුල් 14 කට අයත් සමාජිකයන් 59 දෙනෙකු අවතැන් වි ඇති බවත් ,එම අවතැන් වුවන් මේ වන විට එම වතු යායේ කොවිලේ තාවකාලිකව නතර කර ඇති බවත් වාර්තාවේ.