වතු වැටුප වැඩි කළ ගැසට්ටුවට එරෙහි පෙත්සම විභාගයට අවසර
වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1000 කරමින් රජය ප්‍රකාශයට පත්කළ ගැසට් නිවේදනය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වතු සමාගම් 20ක් විසින් ගොනු කර තිබෙන පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අවසර ලබාදී ඇත.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය ලබා දී ඇත.
පෙත්සම පිළිබඳ විභාගය මැයි මස 05 වනදා පැවැත්වීමට තීන්දු කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද නියෝග කර තිබේ.
වගඋත්තරකරුවන් ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති, තේ කර්මාන්තය පිළිබඳ පඩිපාලක සභාවේ සභාපතිවරය ඇතුළු 18දෙනෙකු නම් කරනු ලැබ ඇත.