News

වධහිංසා වැළැක්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ අතුරු කමිටු සමාජිකයින් අද දිවයිනට

වධහිංසා වැළැක්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ අතුරු කමිටු සමාජිකයින් අද (02) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ නිලධාරීන් සිවු දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එලෙස මෙරටට පැමිණීමට නියමිත අතර ඔවුන් ලබන 12 වනදා තෙක් මෙරට රැඳී සිටීමට නියමිත බවයි.

ශ්‍රී ලංකාවේ නිදහස සීමා කර ඇතැයි, පැවැසෙන තත්ත්වයන් පිළිබඳව මෙන්ම වධහිංසා වැළැක්වීම වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව අවධානය යොමුකිරීම මෙම සංචාරයේ අරමුණ වී ඇති බව ද එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

මෙම පිරිස හෙට (03) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අමාත්‍ය තිලක් මාරපන මහතා හමුවීමට නියමිතයි.

එමෙන්ම මෙරට මානව හිමිකම් පිළිබඳව වන කණ්ඩායම් සමග සාකච්ඡාවකට ද එක්වීමට නියමිතයි.