News

වන විනාශයට එරෙහිව විපක්ෂය විරෝධතාවක

වන විනාශයට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායමක් අද (23 ) නිහඬ විරෝධතාවක නිරතව තිබේ .

එම විරෝධතාව පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය ආසන්නයේ පැවති අතර මේ සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිට ඇත.

එසේම හෙට (24) පස්වරු 03.00 ට කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදී වන විනාශයට එරෙහිව දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර ඇති බව ද එම අවස්ථාවට එක්වෙමින් සජිත් ප්‍රේමදස මහතා සඳහන් කර තිබේ.