News

වරායේ සැකකටයුතු බහාලුම් 1000ක්

ශ්‍රී ලංකා වරායේ හිමිකම් ප්‍රකාශ නොකළ සැකකටයුතු බහාලුම් 1000 කට අධික ප්‍රමාණයක් තිබෙන බව අද (29) අනාවරණය වී තිබේ.

ඒ, නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ශාරුක ඒකනායක මහතා කළ කරුණු දැක්වීමේදීයි.

අදාළ සැකකටයුතු බහාලුම් විවෘත කරන ලෙස අභියාචනාධිකරණය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දුන්නේය.

එම බහාලුම් තුළ ද කැලි කසළ ඇත්දැයි පරීක්ෂා කරන ලෙසට අධිකරණය නියෝග කළේය.