වරාය නගරයත් කොටුව ග්‍රාමසේවකට
රජයට පවරාගෙන කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ඇතුළත් කිරීමට යෝජිත කොළඹ වරාය නගරයේ භූමිය කොටුව ග්‍රාමසේවා වසමට ඇතුළත් කිරීමට නියමිත බව ප්‍රාදේශීය ලේකම් ඩී.පී. වික්‍රමසිංහ පැවැසීය.
ඒ සම්බන්ධයෙන් වූ විපක්ෂ සාකච්ඡාවක් මෙම 31 වැනි දින පැවැත්වෙන බව ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කළේය.
පිටකොටුවේ ස්ථීර නිවාස විසිනවයක් අතර ඡන්දදායකයන් එකසිය විසිනවයක් සිටිති. පිටකොටුවේ වැඩි පිරිසක් පිටතින් පැමිණ ව්‍යාපාර කටයුතුවල නියැළි සිටින අය වෙති.
අලුතින් කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියට ඇතුළු වන කොළඹ වරාය නගරය හෙක්ටයාර් 446.16කි. මෙහි ඉඩම් බෝහෝ දුරට බදු පදනම මත පරිපාලනය කිරීමේ වගකීම නාගරික සංවර්ධන අධිකාරියට ලබාදීමට ඉඩ ඇති බව පැවැසෙයි. එම භූමියේ බොහෝදුරට ව්‍යාපාරික කටයුතු ආරම්භ වන නිසා පදිංචි පුද්ගලයන් සීමාසහිත වීමටද ඉඩ පවතී.
චමින්ද සේනාරත්න
