News

වසන්ත සේනානායක අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන බව කියයි

වනජීවී හා සංචාරක අමාත්‍ය වසන්ත සේනානායක මහතා සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වෙන බවට ප‍්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම අද දිනය තුළ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ද හමුවිමට බලාපොරොත්තු වන බවයි ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ.

අගමැති මහින්ද රාජපක්ෂ ආණ්ඩඩුව බහුතරය ඇති බවට සිතා තමන් ඊට එක්වූ බවත්, මේ මොහොත වන විට මහින්ද රාජපක්ෂ සතුව බහුතරයක් නොමැති බවට තීරණය වී ඇති බව වසන්ත සේනානායක විසින් පවසා තිබෙනවා.

එමෙන්ම තමන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් නොවූ බවත්, එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස ඉදිරියටත් කටයුතු කරන බවද වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.