News

වැටුප් විෂමතාවක් මුල් කර ගනිමින් රාජ්‍ය සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

වැටුප් විෂමතාවක් මුල් කර ගනිමින් අද (23) දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට රාජ්‍ය සේවකයින් පියවර ගෙන ඇත.

විධායක නිලධාරීන් හැර සියලුම රජයේ සේවකයින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක්ව සිටින බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති කමිටුවේ කැඳවුම්කරු සනදහන් කළේය.

එම නිසා හැඳුනුම්පත් නිකුත් කිරීම, විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ඇතුළු සියලුම රජයේ ආයතවල රාජකාරි කටයුතු අඩාල විය හැකි බව ඔහු සඳහන් කළේය.